Friday, June 17, 2016

කොහොමද buldin වලට වෙන දේ....විශ්වාස කරන්න පුලුවන්ද.....





ASHIQI චිත්‍රපටියේ ගායකයාගේ තවත් හැකියාවක් බලලම ඉන්නකො...

ASHIQI චිත්‍රපටියේ ගායකයාගේ තවත් හැකියාවක් බලලම ඉන්නකො...



යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්......


යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්......


යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාවස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.

යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොදු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇතිවිය හැකිය. යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම මේවන විට කාන්තාවන් අතරද බහුලව දක්නට ලැබේ.
යතුරුපැදි ධාවනය කරන විට අපේ පිට කොන්දට ආධාරකයක් නොමැතිවීම කොන්දේ හා ස්නායු ආබාධ ඇතිවීමට හේතුවක් වෙනවා. දුෂ්කර පාරවල් සහ වලගොඩැලි මතින් යතුරුපැදිය ධාවනය කරන විට කොදු ඇටපෙළ පීඩනය උරාගැනීම සඳහා යතුරුපැදියේ ෂොක් ඇබ්සෝබර් පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ නම් මෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ’’
‘‘බොහෝ විට ඒ පිළිබඳව කාගේත් අවධානය යොමුවන්නේ නෑ. එබැවින් අපි ඒ ගැන දැඩි ලෙස අවධානය යොමුකළා. මෝටර් සයිකලයක වාඩිවූ සැනින් ඔබේ උකුල් වැඩිපුර පසුපසට කරකැවෙනවා. ඒ සමඟම කොදු ඇට පෙළේ කටී වක‍්‍රය අනවශ්‍ය ලෙස අඩුවී කම්පනය නිසා ඇතිවන පීඩනය සම්පූර්ණයෙන්ම අන්තර් කශේරුකා මඬල වෙතට පතිතවීම සිදුවෙනවා. මේ සමඟම කොදු ඇටපෙළ ආශ‍්‍රිත මෘදු පටකවලට හානිවී භයානක තත්ත්වයක් දක්වා දීර්ඝකාලීනව වර්ධනයවීමට හැකියාව තියෙනවා. දීර්ඝකාලීනව කොඳු ඇට පෙළ වකුටුවී විරූපී ස්වරූපයක් ඇතිවීමටත්උදරය එල්ලා වැටීමටත් මෙය එක් හේතුවක් වෙනවා.’’
‘‘යතුරු පැදියේ වාඩිවන විට තෙරපුමට ලක්ව උකුල් අස්ථි කොටස් මතට දැඩි තෙරපුමක් ඇතිවෙනවා. මෙම අස්ථි කොටස් යටින් ස්නායුරුධිර නාල (ධමනි හා ශිරා* පීඩනයට ලක්වීම නිසා දෙපා හිරිවැටීම හා තට්ටම් පෙදෙස් වේදනාවට ලක්වෙනවා. මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට ඇතිවිය හැකිය. කාන්තාවන් යතුරුපැදියේ ගමන් කරන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.’’
‘‘මේ පිළිබඳව වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ජා කොට ඔහුගේ උපදෙස් පරිදි අපි වසර ගණනාවකට සිට පර්යේෂණ පවත්වා යතුරුපැදි භාවිත කරන්නන්ට සුවපහසු  වායු පීඩන කවරයක් හඳුන්වා දෙන්නට අපට හැකිවුණා. මෙය නිර්මාණය කිරීමේදී තාක්‍ෂණ නිලධාරී කවීන්ද්‍ර සිරිසේනකළමනාකාරිනී ශිරාණි වල්පොළ ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සහයෝගය ලබාදුන්නා. මේ නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඉදිරියේදී ජනතාවට හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය සුජීව වීරසේන මහතා පැවැසීය.
 ලංකාදීප පුවත්පත ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි,

Wednesday, June 8, 2016

Online ජොබ් එකක් හොයාගන්න මෙන්න මග

Online ජොබ් එකක් හොයාගන්න මෙන්න මග

ඔන්න ඒ පාර මමත් PTC අරවා මේවා ලියනවා කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා. මේ කියන්නේ හරියට පඩියක් ලැබෙන ජොබ් එකක් කොහොමද ඔන්ලයින්ම හොයාගන්නේ කියලා.

දැන් ඕකට කීයක් විතර යනවද කියන එකත් ගැටළුවක් නේ ! සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේ සේවාව eezpal අපි ලබාදෙන්නේ නොමිලයේ. ඔව් සම්පූර්ණයෙන්ම නොමිලයේ.

අන්තර්ජංජාලයේ සැරිසරන ගමන් ඔන්ලයින්ම ජොබ් එකක් හොයාගන්න ගොඩවදින්න eezpal Job Board වෙතට. ඒ වගේම තමන්ගේ ආයතනයේ තිබෙන පුරප්පාඩුවටත් කෙනෙක් හොයාගන්න ලේසිම විදිය තමයි මේක.
ජොබ් එකක් හොයාගන්න තියෙන අමාරුව දන්නේ ඒකෙන් කට්ට කාපු අය.
නෙට් එකේ බැලුවත් හොද තැනක් නැහැ ඉක්මනට පහසුවෙන් ජොබ් එකක් හොයාගන්න. ඉතින් eezpal අපි හිතුවා පොඩියට ජොබ් හොයන අයට සර්විස් එකක් නොමිලයේ ලබාදෙන්න.


Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?

Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?

Android වලින් Internet යන කොට යන Data අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් අපි ඔබට ලබා දෙනවා.
  1. Opera Max App එක භාවිතා කිරීම : මිලයන 10 කට වඩා Downloads ඇති මෙම App එකට 4.3 Rating එකක් තිබෙනවා. ඔහුන් මෙම App එක නිර්මාණය කර තිබෙන්න විශේෂයෙන්ම Data Save කර ගැනීම සදහාමයි.
2.  Google Chrome’s Data Saver Feature එක භාවිතා කිරීම : හුගක් දෙනා Browser එක භාවිතා කරන්නේ Chrome. ඔබ Opera Max වලට මාරු වෙන්න අකමැති නම් Chrome වල ඇති Data Saver Feature භාවිතා කරන්න. Setting –> Advanced –> Data Server හරහා එය On කරගත හැකිය.
3. Facebook App එක වෙනුවට Facebook Lite App එක භාවිතා කිරීම : Facebook Android App එකත් Android තියෙන හැම කෙනෙක්ම වගේ භාවිතා කරනවානේ. එම App එක සදහාත් Data ගොඩක් වැය වෙනවා. Facebook Lite App එක භාවිතා කිරීම තුලිනුත් එය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්.

මකුළුවන්, මීයන් හෝ කැරපොත්තන් වැනි කෘමි

  මකුළුවන්, මීයන් හෝ කැරපොත්තන් වැනි කෘමි සතුන් නිසා ඔබ        අපහසුතාවයට පත්වී සිටින කෙනෙක් නම්......